සාක්ෂාත්කරය

ජෙරන් මීන්ස් - Partner, Cynex bvba

අපගේ ප්‍රමුඛතම ව්‍යාපෘතියේ මෙහෙයුම් Zeropoint.IT තාක්‍ෂණවේදියෙකුට භාර කිරීමට අප විශ්වාසය තැබුවේ, සැමවිටම ඔවුන් ලබාදුන් නම්‍යශීලී පළපුරුදු එතෙර මෘදුකාංග කණ්ඩායම සහ දේශීය හවුල්කරුවා සමග ගනුදෙනු කෙරීමේ තිබූ මානසික නිදහස නිසයි.

වැලේරි නෙතනිලොව් - CEO, GrowAbric cv

කුඩා ව්‍යාපාර වලදී සුදුසු පුද්ගලයන් සොයා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්. දක්ෂ තොරතුරු තාක්‍ෂණවේදීන් සොයා ගිය ගමනේදී Zeropoint.IT අපට හමුවුණා.

අවංකවම, බාට් ඉතා ඕනෑකමෙන් මගේ අවශ්‍යතා වලට ඇහුම්කම් දුන්නා පමණක් නොවේ ඉක්මණින්ම ඇති දක්ෂ PHP ක්‍රමලේඛකයෙකු GrowAbric වෙත යෝජනා කළා. සති දෙක තුනකදී ඔහු සමග ඉතා හොඳ සබඳතාවක් ගොඩනගා ගැනීමට අපට හැකිවුණා. එය අපගේ ව්‍යාපෘති සඳහා සත්‍ය වටිනාකමක් සහතික කල කල්පවතින බැඳීමක් වුණා.

ඔලිවර් ලෝන්ග්විලේ - CEO, Unibo bvba

තොරතුරු තාක්‍ෂණික නොවන ව්‍යාපාරයක් සඳහා මෘදුකාංග ශිල්පීන් ආකර්ෂණය කරගැනීම විශාල අභියෝගයක්. ඒ වුණත්, Zeropoint.IT වෙත ස්තුතිවන්නට, අපගේ ව්‍යාපෘති සඳහා සුදුසු පළපුරුද්දක් ඇති ඇති දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙකු ඉක්මනින් ලබා ගැනීමට අපට හැකිවුනා.

අපගේ මෘදුකාංග ශිල්පියා බෙල්ජියමේ අප සමග මාසයක් වැඩ කළා. දැන් එය බොහෝ දුර ඈතක සිට සාර්ථකව කෙරීගෙන යනවා.

තිලංක සිල්වා - .NET developer, Zeropoint.IT

Zeropoint සාමාජීකයෙකු ලෙස මා හඳුන්වාදීම සැමවිටම සතුට ගෙනදෙන්නක් වගේම එය මෘදුකාංග ඉංජිනේරුවෙකුට ලැබිය හැකි මිලකළ නොහැකි අවස්ථා රැසක් මා හට ලබාදුන්නා. Zeropoint.IT යුරෝපයේ තොරතුරු තාක්ෂණ පිපාසය සහ ආසියාවේ කුසලතාවයන් අතර පාලමක් නිර්මාණය කීරීම විශිෂ්ට ක්‍රියාවක් ලෙස ම දකිනවා.

චන්දන ජනක - Java developer, Zeropoint.IT

Zeropoint මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා ඇති හොඳම තැනයි. ඔවුන් අපට අවශ්‍ය පුහුණු වැඩමුළු හා වැඩ කිරීමට නිදහස් මානසික පසුබිමක් සහිත වටපිටාවක් ඇතුලු බොහෝ පහසුකම් ලබාදී තිබෙනවා. මේ නිසා අපට අප සේවාදායකයන්ගේ අවශ්‍යතා ඉතා ප්‍රශස්ත ලෙස ඉටුකරදීමට හැකිවෙනවා. මේ තත්වය මගේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීමටද ඉවහල් වුනා. පුහුණුව හා දක්ෂතාවය උසස් මට්ටමක ඇති මිතුරන් සමග වැඩකිරීමට ලැබීම මා ලද සුවිශාල ප්‍රතිලාබයක්.